රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේ අභියාචනා සලකා බැලිීම ඇරඹේ

Share Button

රාජ්‍ය සේවයේ තනතුරු සදහා අභ්‍යාසලාභි උපාධිධාරිීන් බඳවා ගැනීමේ වැඩසහටනේ පත්වීම් නොලද අය යොමු කළ අභියාචනා සලකා බැලීම අද ආරම්භ කෙරිණි.අභියාචනා භාර ගැනීම ඊයේ අවසන් විය. විශේෂ කමිටුවක් අදාල අභියාචනා සලකා බලයි.අභියාචනා සලකා බැලිම සති 2 ක් තුල නිම කිරීම ඉලක්කයයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදී ඇති අභියාචනා රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දී ඇතැයි අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි. රාජ්‍ය සේවයේ තනතුරු සදහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පනස් දහසක් පුහුණු කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙ.අභියාචනා සලකා බැලීමෙන් පසුව තවත් දස දහසක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුව සදහා බඳවා ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *