ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කිරීම මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කිරීමක් බව ජනමාධ්‍ය ඇමතිවරයා කියයි

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කිරිම වත්මන් රජය දුන් මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කිරීමක් බව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. රජය එම සංශෝධනය ඉවත් නොකළහොත් එය ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දුන් ජනතාවට කරන බලවත් අසාධාරණයක් බව ඔහු පෙන්වා දුන්නේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහටනට අද පෙරවරුවේ එක් වෙමිනි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හදිසියේ ගෙන එන්නක් නොවේ. එය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යාහැකිය. එම සංශෝධනය පිළිබඳව මතවාද , සංවාද ඇතිවීම අවශ්‍ය බවද ඇමතිවරයා සදහන් කළේය.ජාතික ජන බලවේගය පිළිබඳව එහිදී අදහස් දැක්වු කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා එම පක්ෂය විපක්ෂයේ භුමිකාව නිසි ලෙස ඉටු කරන බව සදහන් කළේය. මේ වනවිට පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් හෝ ශ්‍රිි ලංකා නිදහස් පාක්ෂිකයන් නොමැති බව පැවසු ඒ මහතා යහපත් නායකයන්ට ජනතාව ඉදිරියේදී ද ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *