ලංකා විදුලිබල මණ්ඩලය සතු කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුල

Share Button

ලංකා විදුලිබල මණ්ඩලය සතු කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුල ආරම්භ කරන්නැයි ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අදාල අංශවලට උපදෙස් දෙයි. එම බලාගාරය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට අක්‍රීයව පවතී. බලාගාරය නැවත ක්‍රියාත්මක කර එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි ධාරිතාවක් එක් කිරීම කඩිනම් කරන්නැයි ඇමතිවරයා උපදෙස් දී ඇත. වරින් වර යාන්ත්‍රික දෝෂ වලට ලක්වන විදුලි බලාගාර අලුත්වැඩියාව සදහා අනුගමනය කරන සාම්ප්‍රදායික ක්‍රමවේද හේතුවෙන් සිදුවන ප්‍රමාද දෝෂ අවම කර ගැනිමට දීර්ඝකාලින සැලසුමක් සකස් කළ යුතු බව අමාත්‍යවරයා පැවසිය. කැලණිතිස්ස විදුලි බලාගාරයේ වත්මන් තත්ත්වය නිරික්ෂණය කිරිම සදහා ඊයේ පස්වරුවේ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *