ඌවේ දුෂ්කර ගම්මානවල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසයි

Share Button

ඌවේ දුෂ්කර ගම්මානවල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඌවේ ජනතාව සංවර්ධන කටයුතුවල දී දැඩි අසාධාරණයට ලක්වු පිරිසක් බැවින් ඊට සාධාරණය ඉටු කරන බව හෙතෙම පෙන්වා දෙයි. ඔවුන්ට සිය කුඩා ඉඩම්වල තේ වගාව ඇරඹීමට පවතින බාධා ඉවත් කළ හැකිනම් ඔවුන්ගේ ජීවන තත්ත්වය කෙඩි කලක් තුල යහපත් තත්ත්වයකට ගෙන ආ හැකි බව කම්කරු අමාත්‍යංශයේ දී පසුගියදා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 14 ක පවුල් 243 කට සිය අක්කර කාල බැගින් වු ඉඩම්වල නව තේ වගා ඇරඹීමට අවශ්‍ය පහසුකම් සපයන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසීය. තේවලට අමතරව එම ඉඩම්වල අතිරේක වගා ලෙස පුවක්. ගම්මිරිස් කෝපි කොකෝවා වැනි අපනයන බෝග වගා කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් ද එම අමාත්‍යංශය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇත. එක් වගා ඒකකයක් සදහා රුපියල් 60 දහසකට ආසන්න ආධාර මුදලක් ලබා දෙයි. මෙම වැඩසටහන සදහා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 19 කට ආසන්න මුදලක් වැය කරය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *