කොරෝනා වසංගතයට අදාල උපදෙස් ඉදිරියටත් තරයේ පිලිපදින්නැයි පාසල් ප්‍රධානින්ට දැනුම් දෙයි

Share Button

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කළ උපදෙස් ඉදිරියටත් අකුරටම ක්‍රියාත්මක කර දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන්නැයි සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් දෙයි. කොරෝනා දෙවැනි රැල්ලක අවදානම මුඵමනින්ම රටින් පහවගොස් නොමැති බවත් යලි එවැන්නක් ඇතිවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශ්වය වන්නේ පාසල් දරුවන්ය. එබැවින් සෑම මොහොතකම පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරිමේ ස්වයං විනයක් පවත්වාගැනිමට සියලු දෙනා වගබලා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *