ශ්‍රි ලංකාව සකස් කළ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ නම් රැසක් යහපාලන රජය ඉවත් කර ඇතැයි හෙලිවෙයි

Share Button

ජාත්‍යන්තරව හා දේශියව ත්‍රස්තවාදය මැඩලිම සදහා ශ්‍රි ලංකාව සකස් කරනු ලැබු ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ නම් රැසක් යහපාලන රජය ඉවත් කර ඇතැයි අද හෙලි විය. හිටපු ආරක්ෂක ලේකම් යු.ඩි. බස්නායක මහතා දේශපාලන පළිගැනිම් පිළිබඳ ජනාධීපති විමර්ශණ කොමිෂන් සභාව හමුවේ අද කළ කරුණු දැක්විමේදී මේ බව අනාවරණය කෙරිණි. ඇතැම් නම් ඉවත් කිරිමට හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා තම නිලධාරින්ට බලපෑම් කළ බව බස්නායක මහතා සදහන් කළේය. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කොමිසම හමුවේ කළ කරුණු දැක්විමක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණෙන්නැයි කළ දැනුම්දිමක් අනුව බස්නායක මහතා ප්‍රථම වතාවට අද කොමිසම හමුවේ පෙනී සිටියේය. වත්මන් ජනපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2014 වසරේදී නිකුත් කරනු ලැබු ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ඇතුළත් අසාදු ලේඛනයේ පුද්ගලයින් 424 දෙනෙකුගේ සහ ආයතන 16 ක නම් ඇතුළත් වූ බව හෙතෙම සදහන් කළේය. එහි ඇතුළත්ව තිබු සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එමානුවෙල් පියතුමාගේ නම් ඉවත් කිරිමට මංගල සමරවිර මහතා බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානි තනතුරේ තාවකාලිකව කටයුතු කළ ෂම්මි කුමාරරත්න මහතා තමාට දැනුම් දුන්නද තමා ඒ පිළිබඳ තැකිමක් නොකළේ අසාදු ලේඛනයේ නම් ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියද අවශ්‍ය වූ නිසා බව බස්නායක මහතා සදහන් කළේය. 2015 ජනවාරි 11 වැනිදා ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ තමා එම වසරේ සැප්තැම්බර් 11 වැනිදා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරට කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පත් කළ බව ද ඔහු පැවසිය. කෙසේ වෙතත් තමා ධුරයෙන් ඉවත් වී මාසයක් තුළ යාවත්කාලින කළ අසාදු ලේඛනයේ පුද්ගල නාම 424 සිට 155 දක්වාත් ආයතන සංඛ්‍යාව 16 සිට 06 දක්වා අඩු කර ඇති බවත් බස්නායක මහතා ප්‍රකාශ කළේය. මෙසේ නම් ඉවත් කිරිම ගැටලු සහගත තත්ත්වයක් බවත් කිසි දිනක ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව එම නම් ඉවත් කිරිමට තමා අවසර නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *