යාපනය ශික්ෂණ රෝහලේ මානව සහ භෞතික සම්පත් හිගයට විසඳුම්

Share Button

යාපනය ශික්ෂණ රෝහලේ පවතින මානව සහ භෞතික සම්පත් හිගයට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡා කර වහාම විසදුම් දීමට කටයුතු කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ වෛද්‍ය නිලධාරීන් සමග අමාත්‍යවරයාගේ යාපනය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. රෝහලේ පවතින දන්ත වෛද්‍යවරුන්ගේ හිගය සහ හෙද සේවක පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි. රෝහලට පැමිණෙන රෝගීන්ට ලැබෙන පහසුකම් අවම මට්ටමක පවතින බැවින් වැඩි ප්‍රමුඛත්වයක් දී රෝහල සංවර්ධනය කළ යුතු බව වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *