ශ්‍රිීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ගුණ සැමරුම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

Share Button

ශ්‍රීීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ගුණ සැමරුම අදට යෙදෙයි. ඒ වෙනුවෙන් උත්සව රැසක් දිවයින පුරා සංවිධාන කර ඇත. ශ්‍රීිමත් අනගාරික ධර්මපාල පදනම මේ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි සභාපති ඩබ්ලිව් එම් එච් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව අද සවස 4.00 ට ධර්මපාල ගුණ සමරු දේශනය පුජ්‍ය මිීගහකිවුලේ මෛත්‍රි ස්වාමින් වහන්සේ පවත්වන අතර ඉන් පසුව සහල් බෙදා දීමේ පිංකමක් පැවැත්වේ. දෙහිවල ශ්‍රී මහාබෝධි මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මිහිරිතැන්නේ සෝභිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධාන කර ඇත. ධර්මපාල පරපුර සංවිධාන කරන උත්සවයක් ද කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී අද පස්වරුවේ පැවැත්වෙන බව එහි ප්‍රධාන සම්බන්ධිකාරක ප්‍රසාත් රාජපක්ෂ මහතා පැවසිීය. මරදාන විද්‍යෝදය පරිවේනාධිපති පුජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ සමරු දේශනය ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවත්වයි. මෙහි සමාප්ති දෙසුම පවත්වන්නේ කැලනිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා ධර්මපාල පරපුර සංවිධානයේ ිනිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේය.
මේ අතර ශ්‍රිීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹ ආනන්ද බාළිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කර ඇත. වාර්ෂිකව 5 වැනි වරටත් පැවැත්වෙන මෙම වැඩසටහන අද පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා එම විද්‍යාලයේදී පැවැත්වේ.
ධර්මපාලතුමාගේ 156 වන ජන්ම සැමරුම නිමිත්තෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විශේෂ සුභාරතී වැසඩටහනක් අද පෙරවරු 7.00 ට සිංහල ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කරයි. ජාතික දේශපාලන දෘෂ්ටිවාදය පෝෂණයෙහිලා අනගාරික ධර්මපාල චින්තනයේ බලපෑම මැයෙන් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා සාකච්ඡාවට සහභාගි වෙයි. දුරකතන අංක 0112 69 54 46 සහ 0112 69 54 47 ඔස්සේ ශ්‍රාවකයන්ට ද මෙම වැඩසටහනට සම්බන්ධ විය හැකිය.
ගව ඝාතනය නතර කිරීමට ගෙන ආ යෝජනාවට සහාය දැක්වීම සදහා දීපව්‍යාප්ත වැඩසටහනක් පැවිදි හඩ සංවිධානය ආරම්භ කරයි. එහි මුලික පියවර කොළඹ අභයාරාමයේදී අද ආරම්භ කරන බව එම සංවිධානයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පැවසුහ. ඒ අනුව අභයාරාමයෙන් සවස 3.00 ට ආරම්භ කරන ගව ඝාතන විරෝධී පෙරහර කොළඹ නගර ශාලාව අභියස ඇති අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුව අසලට පැමිණ ගව ඝාතනය නතර කිරීම සදහා ප්‍රතිඥාවක් දෙන බව උන්වහන්සේ සදහන් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *