ක්‍රිඩා සංස්කෘතියක් ගොඩනැගිම යුගයේ වගකීමක් බව ජනධිපති අවධාරණය කරයි

Share Button

නිරෝගිමත් විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරිම උදෙසා ඉවහල් වන ක්‍රිඩා සංස්කෘතියක් ගොඩනැගිම යුගයේ වගකිමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ක්‍රිඩාව තරුණ පරපුරේ භාෂාව වන බැවින් අධ්‍යාපනයට සමගාමිව දරුවා ක්‍රිඩාවට යොමු කිරිමෙන් පරිපුර්ණ පුරවැසියෙකු සමාජයට දායක කළ හැකි බව එතුමා පෙන්වා දෙයි. ඒ සදහා අධ්‍යාපන ක්‍රිඩා හා තරුණ අමාත්‍යංශ වලට විශාල වගකීමක් පැවරී ඇතැයි ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළීබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් එතුමා සදහන් කළේය. ග්‍රාමියව වැඩිම ආකර්ෂණයක් ඇති සහ ඒ ඒ පළාත්වල ජනප්‍රිය ක්‍රිඩා හදුනාගෙන දක්ෂ ක්‍රිඩකයින් කඩිනමින් පුහුණු කළ යුතුව ඇතැයි ජනාධීපතිතුමා පැවසිය. සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රිඩාපිටි නඩත්තුව සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරිමට පියවර ගන්නැයි එතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පාලන ආයතන වලට ක්‍රිඩාපිටි නඩත්තු කිරිමේ හැකියාව ඇත. තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රිඩාපිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.කොළඹ 07 ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රිඩා විද්‍යායතනය දියගම ක්‍රිඩා සංකිර්ණ පරිශ්‍රය සමග ඒකාබද්ධ කර අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු ක්‍රිඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසිය. ප්‍රධාන ක්‍රිඩාපිටි එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යාම අංග සම්පුර්ණ ක්‍රිඩා පාසල් 25 ක් ස්ථාපනය ක්‍රිඩා පනතට නව යෝජනා ඇතුළත් කිරිම සහ නව පනතක් සම්පාදනය ක්‍රිඩාවේ උන්නතිය උදෙසා පුද්ගලික අංශයේ දායකත්වය ලබාගැනිම වැනි කාර්යයන්ට පසුගිය මාසයේ සිය අමාත්‍යංශයේ අවධානය යොමු කළ බව හෙතෙම සදහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ප්‍රාදේශිය වශයෙන් ක්‍රිඩාව දියුණු කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ක්‍රිඩා ශ්‍රේණිගත කර අන්තර්ජාතික තරග සදහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කළ යුතු බව ක්‍රිඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පැවසිය.සුගතදාස ක්‍රිඩා අධිකාරියේ පුර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳවද මෙහිදි අවධානය යොමු කෙරිණ විවිධ ක්‍රිඩා සදහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ජාතික ධජය යටතේ එක්වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *