මිනිස් ජාවාරම වැලැක්විමට රජය උපරිමයෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

මිනිස් ජාවාරම වැලැක්විමට ශ්‍රි ලංකා රජය උපරිමයෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානි සරත් ඩෑස් මහතා සමග අධිකරණ අමාත්‍යංශයේ දී පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මිනිස් ජාවාරම වැලැක්විමට ගත යුතු පියවර හා ඊට අදාල නිතිමය කරුණු මෙන්ම ඒ හේතුවෙන් උද්ගත වී ඇති අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණ. මෙරට සංක්‍රමණික ගැටලු හා ඊට අදාල නිතිමය තත්ත්ව පිළිබඳවද මෙහිදි අවධානය යොමු විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *