බාල තේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වසාදමන්නැයි ජනාධිපතිතුමාගෙන් නිලධාරින්ට උපදෙස්

Share Button

දිීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශනයකට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩනොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කෙරෙන තේ නිෂ්පාදන පිලිබදව මෑතකදි වාර්තාවිය. එවැනි තේ ලෝක වෙළෙදපලේදි ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබෑසිමකට ලක්වි ඇත. ගම්මිරිස් වෙළෙදපලට අත්වු ඉරණම තේ කර්මාන්තයට අත්වීමට ඉඩ නොදෙන බව එතුමා අවධාරණය කලේය. ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබදව සුලු හා මධ්‍ය පරිමාණ තේ කම්හල්හිමියන් සහ අපනයනකරුවන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව කිවේය.ලෝක වෙළෙදපලේදි මෙරට තේ සදහා ඉල්ලුම සියයට හැටපහේ සිට සියයට හතලිස් පහක් දක්වා පහළ වැටි තිබේ. තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය ඊට බලපා ඇත. මෙරට තේ කර්මාන්තශාලා සංඛ්‍යාව හත්සිය පහකි. ඉන් හතලිස්පහක් අයථා ක්‍රියාකාරකම්වල යෙදි ඇතැයි වාර්තා වී තිබේ. විධිමත් පරික්ෂණ වලින් පසු 18 ක නිෂ්පාදන කටයුතු නතර කර ඇතැයි තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පවසයි. බාල තේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වසා දමන්නැයි ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *