හම්බන්තොට සෆාරි උද්‍යානය වැඩිදියුණු කෙරේ

Share Button

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය තවදුරටත් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද නැගු වාචික ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. පසුගිය රජය මෙම උද්‍යානය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ බවත් ඒ නිසා අපේක්ෂිත ආදායම උපයා ගැනීමට නොහැකි වු බවත් රණතුංග මහතා පැවසීය. ඉදිරියේදී මෙම උද්‍යානය සම්බන්ධයෙන් ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා රජය රුපියල් මිලියන 15 ක පමණ මුදලක් වෙන්කර තිබේ. උද්‍යානයේ සිටින සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සදහා රෝහල් පහසුකම් වැඩිදියුණු කරන බව ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *