නව ව්‍යවස්ථාවක් සදහා කමිටුවක් පත් කර ඇතැයි අධිකරණ ඇමති කියයි
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ විකෘතිතා ඉවත් කොට එහි තිබු සාධනිය කරුණු ඇතුළත් කර 20 වැනි සංශෝධනය ගෙනඑන බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. නව ව්‍යවස්ථාවක් සකස් කිරිම සදහා ජනාධීපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි හෙතෙම කියයි. ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඔහු මේ බව කිවේය. නව ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනිමට පෙර කෙටුම්පතක් සකස් කෙරේ. පසුව සතියක් ඇතුළත එහි ගූණදොස් පිළිබඳව අධිකරණය හමුවට යාමට අවස්ථාව පවති. සති දෙකක් තුළ අඩුපාඩු පෙන්වා දිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉන් අනතුරුව ඊට ඡන්දය දිය හැකි බව ඇමතිවරයා පැවසිය. විස්ස ගෙනඒමත් සමග විගණන කොමිසම අහෝසි වන නමුත් විගණන කටයුතු අඛණ්ඩව සිදුවන බව ඔහු කිවේය .මෛත්‍රිපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න , සුමන්දිරන් වැනි අයගේ අවශ්‍යතාව අනුව 19 වැනි සංශෝධනය සකස් කෙරිණ. ඊට ද්විත්ව පුරවැසිභාවය ඇතුළත් කළේ රාජපක්ෂ පවුල මැතිවරණයට පැමිණිම වැලැක්විම සදහායි. එය රට හෝ ජනතාව පිළිබඳව සිතා ගෙන ආ එකක් නොවන බව ඔහු පැවසිය.