උතුරු කොරියාව තවදුරටත් බැලස්ටික් මිසයිල නිපදවන බවට අමෙරිකානු මාධ්‍ය වාර්තා

Share Button

එක්සත් ජනපදය සමග සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම උතුරු කොරියාව අලුතින් බැලස්ටික් මිසයිල නිපදවන බවට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනපදයේ වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. ඔත්තු සේවා මගින් ඒ බව අනාවරණ කරගෙන තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා පසුගිය මාසයේ සිංගප්පුරුවේදී හමුවුහ. එහිදී න්‍යෂ්ටික කරණයෙන් ඉවත්වීම පිලිබඳව නායක දෙපලම අදහස් දක්වා තිබේ.. අමෙරිකානු ජනාධීපතිවරයා එහිදී පැවසුවේ උතුරු කොරියාව තවදුරටත් තම රටට තර්ජනයක් නොවන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *