බියගම – උතුර ඇතුළු ප්‍රදේශ කීපයකට අද (31) ජල කප්පාදුවක්

Share Button

බියගම -උතුර ඇතුළු ප්‍රදේශ කීපයකට අද (31) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සියඹලාපේ වත්ත, අලුබෝවිල, දෙල්ගොඩ ,අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල ,වල්ගම, යබරලුව, මල්වාන, දොම්පේ, දෙකටන, නාරම්පල, ගල්වලගොඩ යන ග්‍රාම නිළධාරී වසම් වලට එම තීරණය ක්‍රියාත්මක කෙරෙයි.

බියගම නිදහස් වෙළඳ කලාපයට ජලය බෙදාහරින නළ මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *