අගෝස්තු 15 දා සිට ‘ දයාවේ මෙහෙවර ‘ ඇරඹෙයි

Share Button

වත්මන් රජයට වසර 3ක් සම්පූර්ණ වන අගෝස්තු 15 දා සිට වසරක කාලයක් තුළ රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි, සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

දයාවේ මෙහෙවර නමින් මේ වැඩපිලිවෙල නම්  kara  ඇත. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000 බැගින් වසරකට වෛද්‍ය සායන 12,000 ක් පැවැත්වීමට නියමිතයි.

වෛද්‍ය සායන වලදී ආයුර්වේද ක්‍රමයට හා බටහිර ක්‍රමයට සියලු රෝග පරීක්ෂාවන් කෙරෙන අතර අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, ඇස් කණ්ණාඩි ලබා දීම සහ අක්ෂි කාච ලබා දීම ආදී වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *