20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 12 ක්

Share Button

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සමගි ජනබලවේගය. දෙමළ ජාතික සන්ධානය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු. ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ යන පාර්ශ්ව හයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පෙත්සම් ගොනුකර තිබුනි. කැෆේ සංවිධානය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය.සමගි තරුණ බලවේගය සංවිධානය අද තවත් පෙත්සම් 06 ක් ගොනුකර තිබේ. එම පෙත්සම්වලින් සදහන් කර ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මුලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංගනය කරන බවයි. එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාල වගන්තිය සම්මත කිරීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා ජනමත විචාරණයක් පවත්වා එයින්ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙසත් එම පෙත්සම් මගින් ඉල්ලා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *