අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් රජය කිසිසේත් මැදිහත් නොවන බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි කියයි
අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් අධිකරණ අමාත්යංශය හෝ රජය කිසිසේත්ම මැදිහත් නොවන බව ඇමති අලි සබ්රි මහතා කියයි. නඩු පන්ලක්ෂ අනුපන්දහසක් පමණ මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රි චමින්ද විජයසිරි මහතා පාර්ලිමේන්තුවේදි අද නැගු ප්රශ්ණයකට පිලිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කලේය.
කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ වී ඔය නමින් ජලාශයක් ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි ඇමති චමල් රාජපක්ෂ මහතා කියයි. එය බහුකාර්ය ජලාශයකි. ගම්පහ හා කෑගල්ල දිස්ත්රික්ක වලට එමගින් පානීය ජල පහසුකම් සැපයීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්රි සුජිත් පෙරේරා මහතා මතු කළ ප්රශ්ණයකට පිලිතුරු වශයෙනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු වු ආර් එම් කේ බි රත්නායක මහතාගේ අභාවය සම්බන්ද්ධයෙන් ශෝකය පලකිරිමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා එය ඉදිරිපත් කරමින් පැවසුවේ 1977 දි පඩුවස් නුවර මන්ත්රිවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසි රත්නායක මහතා පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසයටත් සමස්ත කුරුණෑගල දිස්ත්රික්කයටත් ඉමහත් මෙහෙවරක් ඉටුකල බවයි. මැතිඇමතිවරු කිහිපදෙනෙක්ම රත්නායක මහතාගෙන් ඉටු වු දේශපාලන හා සමාජීිය මෙහෙවර පිලිබදව එහිදි අදහස් දැක්වුහ