20 වන සංශෝධනය අභියෝගයට ලක්කෙරෙන පෙත්සම් සලකා බැලිමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් වි ඇති පෙත්සම් සංඛ්‍යාව 18 කි. තරුණ නීතිඥ සංගමය අද 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කලේය. තවත් පුද්ගලයෝ කිහිපදෙනෙක්ම අද පෙත්සම් ඉදිරිපත් කලහ. නීතිපතිවරයා එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර තිබේ. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනයේ ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද දැඩි ලෙස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ පවසති. . එම නිසා යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මතවිම ප්‍රමාණවත් නොවන බවටත් ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් තීන්දුවක් ප්‍රකාශ කරන්නැයි ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

රජය පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ ~ අගවිනිසුරු ජයන්ත ජයසුරිය සහ බුවනෙක අථවිහාරේ. සිසිර ද ආබෲ ු ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ යන විනිශ්චයකාරවරු ඊට ඇතුලත්වෙති. පෙත්සම් සලකා බැලීම ලබන අගහරුවාදා සිදුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *