කොවිඩ් එන්නතක් හදුන්වා දිමට පෙර කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි

Share Button

කොවිඩ් සදහා එන්නතක් පාවිච්චි කිරිමට පෙර ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි එම සංවිධානයේ හදිසි ඒකකයේ ප්‍රධානි මයික් රයන් පැවසුවේ අන්තර් ජාතික ක්‍රියාමාර්ගයකින් තොරව මෙම අගය ඊටත් වඩා වැඩිවිය හැකිබවයි වෛරසය ආරම්භවි මාස 9 ක් ගත වන මේ අවස්ථාවේ මරණ සංඛ්‍යාව නවලක්ෂ අසුපන්දහස ඉක්මවා ඇත යුරෝපා රටවල් රට අගුලු දැමිමේ අවශ්‍යතාව මගහරවා ගැනිම සදහා ප්‍රමාණවත් සෞඛ්‍ය උපදෙස් පිලිපැද්දේ දැයි ඔහු ප්‍රශ්ණ කරයි විශේෂයෙන් ආසාදිතයින් සොයා ලුහුබැදිම නිරෝධායනය හුදකලා කිරිම සමාජ දුරස්ථභාවය මුහුණු ආවරණ පැලදීම අත් සේදිම උණ බැලිම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කලේ දැයි ඔහු තවදුරටත් ප්‍රශ්ණ කරයි
====
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජපානයේ නව අගමැති යොෂිහයිඩ් සුගා මහතා සමග දුරකතනය ඔස්සේ් සාකච්ඡාවකට එක්වෙයි එහිදි ඉන්දිය අගමැතිවරයා සදහන් කලේ ආසියා පැසිපික් කලාපය තමන්ට දැරිය හැකි සැපයුම් දාම මත පදනම් වි ක්‍රියාකල යුතු බවයි ඉදිරියේදි පැවැත්වෙන ඉන්දු ජපාන වාර්ෂික සමුලුවට සහභාගි විමට පැමිණෙන්නැයි ඉන්දිය අගමැතිවරයා සුගා මහතාට ආරාධනා කලේය ලෝකයේ වත්මන් තත්ත්වය කොවිඩ් නයින්ටින් ඇතුලු විවිධ අභියෝග පිලිබදවද අවධානය යොමු කෙරිනි චීනයට ආසන්න ලඩාක් ප්‍රදේශයේ නොසන්සුන්කාරි තත්ත්වයන පිලිබදව ද මෝදි මහතා ජපන් අගමැතිවරයාට විස්තරයක් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *