රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අරමුණ පැසිස්ට් ජාතිවාදී පාලනයක් යළි බිහි කිරිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා කියයි

Share Button

සිංගප්පුරු ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම ඉලක්ක කරගනිමින් සිදුකිරීමට නියමිත වෛද්‍ය වර්ජනය කිසිසේත් සාධාරණ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා කියයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර එට්කා ගිවිසුමට මෙන්ම ඉන්දිය ගිලන්රථ සේවයට ද විරෝධතාව දැක්වු බව ඔහු අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය. කෙසේ වුවත් ගිලන්රථ සේවය මේ වන විට පොදු ජනතාව අතර විශාල ජනප්‍රියතාවයක් ලබාගෙන තිබේ. පෙර පැවති පැසිස්ට්වාදී ජාතිවාදි පාලනයක් යළි රටේ බිහි කිරීම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අරමුණ බව මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *