රාජ්‍ය ආයතනවල අනුමත කාර්යය මන්ඩලයට පරිභාහිරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරන චක්‍රලේඛයක්
මහා භාණ්ඩාගාරයේ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ පුර්ණ අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්යය මන්ඩල බඳවා ගැනිම් හා ඔවුන්ට වැටුප් ගෙවීම වලක්වාලමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව සිදුකරන බඳවා ගැනිම් සම්බන්ධයෙන් අදාල ආයතනයේ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා. දෙපාර්තමේන්තු ප්‍රධානියා.
පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ මුළ්‍ය අංශයේ ප්‍රධානියා වගකීම දැරිය යුතුවෙයි. රජයේ ව්‍යවස්ථාපිත ආයතනන්හී අනුමත කාර්යය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවිම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්. විධායක නිලධාරින් හා ගනකාධිකාරිවරුන් එහි වගකීම භාරගත යුතුය.
පළාත්සභා ඇතුඑ සියලුම රාජ්‍ය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳව සලකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා සහ ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතු යැයි එම චක්‍රලේඛයේ දැක්වෙයි.