20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට රජයෙන් සංශෝධන කිහිපයක්

Share Button

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කොට ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලිම අද ආරම්භ විය. අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ. 20 වැනි පනත් සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකොට ඇති පෙත්සම් ගණන 39 කි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මේ සදහා රජය සංශෝධන කිහිපයක් හදුන්වාදිමට තීරණය කර ඇති බවයි. කාරක සභා අවස්ථාවේදී සිදුකිරිමට නියමිත සංශෝධන අඩංගු ලේඛණයක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ දැනටමත් ගොනුකොට ඇති බව නීතිපතිවරයා මෙහිදි සදහන් කළේය. අදාළ ලේඛණය තමන් වෙත ලබාදෙන ලෙසට පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව එම ලේඛණවල පිටපත් ඔවුන් වෙත ලබාදිමට පියවර ගන්නා බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *