නිදහසින් පසු සෞඛ්‍ය සේවාව දියුණු කළ වෙනත් රජයක් නැතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි

Share Button

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධූරයකින් පිදුම් ලැබූ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිදිමේ සුවපති අභිෂේක උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙඑම් පොකුණ රගහලේදී ඊයේ පැවැත්විණ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලෙස පිළිගනිමින් මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට එරෙහි සටන ශක්තිමත් කරමින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම උදෙසා රජය විශාල මෙහෙයක් ඉටුකළ බව ජනාධිපතිතුමා එහිදී පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පිරිනැමු මෙම තනතුර මගින් එම මෙහෙවර ඇගයිමට ලක් වන බව ද ජනාධිපතිතුමා එහිදි සඳහන් කලේය.

සභාව ඇමතූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කලේ රාජිත සේනාරත්න මහතා මෙම කෙටි කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ බවයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් ඖෂධ මිල අඩුකිරීම. දුම්කොල භාවිතය පාලනය. පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා නොමිලේ ඖෂධ ලබාදිම මෙන්ම සීනි භාවිතය පාලනයට පියවර ගැනිම එම කාර්යයන් අතර ප්‍රමුඛ බව හෙතෙම පෙන්වා දුන්නේය. උත්සව සභාව ඇමතූ මහචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වාදුන්නේ රට ශිෂ්ඨාචාරවත් කළ හැක්කේ ජාතිවාදය හා ආගම්වාදය පිටුදැකිමෙන් බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උත්සව සභාව අමතමින් සඳහන් කලේ තමාට හිමිවු ලෝක සංවිධානයේ උප සභාපතිකම අමාත්‍යාංශයට හා රටට ලැබුනු ජයග්‍රහන බවයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරන බවත්. තවත් ඖෂධ විස්සක මිල වහාම අඩුකරන බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය. එම ඖෂධ අතරින් 10 ක් පිළිකා සඳහා භාවිත කරන ඖෂධ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එක්ව උත්සවය සංවිධාන කර තිබින. සුවපති අභිෂේක තිළිණය ජනාධිපතිතුමා විසින් අමාත්‍යවරයාට පිළිගන්වන ලදි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඑ මැතිතඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *