ලැව් ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්
පැතිර යන ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ ලැවිගිනි පැතිර යන ප්‍රදේශවල දහස් ගණනක පිරිසක් ආරක්ෂා සහිත ස්ථාන කරා ගෙනගොස් තිබේ. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 26 කි. පසුගිය මස ආරම්භ වු ලැවිගිනි හේතුවෙන් කැලිෆෝනියාවේ මේ වනවිට විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ 37 ඉක්මවයි. නිවාස හත්දහසක් පමණ මුඵමනින්ම විනාශ වී තිබෙ.