මේ දිනවල මලල ක්‍රිඩා සංචිතයේ පුහුණුවිම්

Share Button

ජාතික මලල ක්‍රිඩා සංචිතයේ සහ සුපිරි මලල ක්‍රිඩා සංචිතයේ පුහුණුවිම් මේ දිනවල සිදු කෙරෙන බව ජාතික මලල ක්‍රිඩා පුහුණුකරු වයි. කේ කුලරත්න මහතා කියයි. සුපිරි සංචිතයට ක්‍රිඩක ක්‍රිඩිකවෝ 24 දෙනෙක්ද. ජාතික මලල ක්‍රිඩා සංචිතයට ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 60 දෙනෙක්ද ඇතුළත් වෙති. පුහුණුකරුවන් අටදෙනෙකු යටතේ දිගන. බෝගම්බර. නුවරඑළිය. බොරලන්ද. වෙන්නප්පුව. සුරියවැව මාතර කොටවිල ප්‍රදේශවලදි පුහුණුවිම් සිදු කෙරෙන බව කුලරත්න මහතා සදහන් කරයි. ඊට අමතරව දියගම කොළඹ ටොරින්ටන් හා සුගතදාස ක්‍රිඩාංගනවලදිද පුහුණුවිම් සිදුවෙයි. ඉදිරියේදි පැවැත්විමට නියමිත අන්තර්ජාතික තරගාවලි ඉලක්ක කර මෙම පුහුණු කටයුතු සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *