තිරසර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රතිපත්ති සම්පාදනයට රජයේ ප්‍රමුඛතාව

Share Button

තිරසර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි පැරිස් සම්මුතියට අනුව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සදහා ජනාධිපතිතුමා ප්‍රමුඛ නව රජය මුඵ්මනින්ම කැපවී සිටින බව හෙතෙම අවධාරණය කරයි කොළඹ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය දිවයින පුරා නව්‍ය පුනර්ජනනීය බලශක්ති ප්‍රවේශ හඳුනා ගැනීම හා ඒවා ඇගයීම ඉලක්ක කර ගනිමින් සංවිධාන කළ 2019 ශ්‍රිී ලංකා හරිත බලශක්ති ශුරයා තරගාවලිය පසුගියදා සාර්ථකව නිමා වු අතර එහි සමාප්ති උත්සවය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි 3 වැනි වතාවට ද මෙම තරගාවලිය සංවිධාන කිරීමට සහාය දිීම සම්බන්ධයෙන් ජර්මානු රජයට ස්තුතිය පිරිනමන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවා ඉලක්ක ලබාදී ඇත එබැවින් මෙම ක්‍ෂේත්‍රයට රජයේ විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි උගතුන්ඩ්€ බුද්ධිමතුන් ඇතුඵ් සියලු දෙනාට බලාපොරොත්තු තබා ගත හැකි බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *