කොරෝනා ආසාදිතයෝ 5 දෙනෙක් හදුනා ගැනෙති

Share Button

තවත් කොරෝනා ආසාදිතයෝ 5 දෙනෙක් අද හදුනා ගැනෙති ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 136 ක් බවට පත්වී තිබෙ. ආසාදිතයින් 20 දෙනෙකු අද සුවය ලබා තිබේ මේ වනවිට සුව වු සමස්ත සංඛ්‍යාව 3230 දක්වා ඉහළ ගොස් ඇත
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් තවදුරටත් දැඩිව අනුගමනය කරන ලෙසයි ඒ අනුව දෑත් සේදිම මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය අනිවාර්යය පුරුද්දක් කර ගන්නා ලෙස ඔහු අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *