කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පිළිසකර කිිරිම නැවතත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට දුන් උපදෙස් අනුව කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි මේ දිනවල පිළිසකර කෙරේ වසර 100 කට වඩා පැරණි කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි කඩා වැටීමට පෙර නිසි පරිදි අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් 2015 වසරට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නැංවුනි එහෙත් 2015 වසරින් පසු එම ගොඩනැගිලි අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු නොවු බැවින් ගොඩනැගිලි රැසක් ගරාවැටීමට ආසන්න තත්ත්වයට පත්වුනි ගොඩනැගිලිවල පෞරාණික වටිනාකම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෞරාණික උරුමය ආරක්ෂා වන පරිදි වත්මන් රජයෙන් ඒවා ප්‍රතිසංස්කරණය කෙරේ ඒ යටතේ වසර 105 ක් පැරණි ගෆුර් ගොඩනැගිල්ල රුපියල් මිලියන 620 ක මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත