මාතර රොටුඹ රජමහා විහාරස්ථානයේ වාර්ෂික රන්දෝලි පෙරහර
මාතර රොටුඹ පෙත්මග රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහ පුජෝත්සව මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර හෙට පස්වරු 532 ට යෙදෙන සුභ මෙහොතින් වීදි සංචාරය කරන බව එහි විහාරාධිපති මාතර දිසාවේ අධිකරණ සංඝනායක පුජ්‍ය ආචාර්ය ගම්මැදගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ පවසති මංගල හස්තිරාජයා පිට කරඩුව තැන්පත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතින් සිදු වෙයි