ගුණ නැණ මනේම ශිල්පිය හා භාෂාමය ඥාණයෙන්ද දරු පරපුර සන්නද්ධ කල යුතුයි – ජනපති

Share Button

රටේ අනාගත වත්කම දරු පරපුර වන බැවින් ඔවුන් දැනුමෙන් පෝෂණය කර කුසලතා වර්ධනයට අවස්ථාව සලසා දිම සමස්ත සමාජයේ වගකිම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පේනවා දෙයි. දරුවන්ග් කායික සහ මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරිම එහි ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දෙයි. රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොපමණ දුරට ලගාකර ගත්තද සමාජය මානව දායාව වැනි යහගුණ පිරි පුද්ගලයින්ගෙන් තොර නම් එය ජීවත්විමට සුදුසු දේශයක් යැයි තමා විශ්වාස නොකරන බව ජනාධිපතිතුමා පවසයි. එවැනි රටක් ගොඩනැගිමට ගුණ නැණ මනේම ශිල්පිය හා භාෂාමය ඥාණයෙන්ද දරු පරපුර සන්නද්ධ කල යුතුය. භෞතික හා මානසික දරිතාද්‍රතාව දුරු කල පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගිම තම එකම අපේක්ෂාව බව එතුමා පවසයි. එබදු රටක දරුවන් සතුටින් සැනසීමෙන් හා සුවයෙන් වාසය කරනු නියතය. අදට යෙදි ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කල ජනාධිපතිතුමා මෙවර ළමා දින තේමාව වන අපේ රට – අපේ දෑතින් යන්න යථාර්තයක් කරගත හැක්කේ දරුවන්ගේ ළමා කාලය කල්පනාකාරිව මෙහෙයවීමෙන් බව වැඩිදුරටත් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *