සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිකිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයැයි තමා තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.කොළඹ සහ මහනුවරට පමණක් සීමා වන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාම පිළීබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි. ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125 ක් පිරීම නිමිත්තෙන් මහල් 9 කින් යුත් දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය. ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය සහ නව ශල්‍යාගාර සංකිර්ණය විවෘත කිරීමද එතුමා අතින් සිදුවිය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනයද මෙහිදී සිදුවිය.අග්‍රාමාත්‍යවරයා සහ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ලෝක ළමා දිනයට සමගාමිව දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළහ.
රාජ්‍ය ළමා චිත්‍ර උළෙල කොළඹ නෙඵම්පොකුණ රගහලේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වින. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එම උළෙල සංවිධාන කර තිබුණි. නිර්මාණ ඉදිරිපත් කළ ළමා චිත්‍ර ශිල්පීන් 115 දෙනෙකුට එහිදී සම්මාන සහතික පත්‍ර සහ මුදල් ත්‍යාග පිරිනැමින.චිත්‍ර ප්‍රදර්ශනයක්ද එහිදී විවෘත කෙරිණ. සම්මාන ප්‍රදානයට අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතාද එක්විය.මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන හා වැඩබලන සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *