ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කරයි

Share Button

ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කර ඇත.  කලින් හදුනා ගනිමු-ජීවිත සුරකිමු  මෙවර එහි තේමාවයි. ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාව වන අතර ශ්‍රිී ලංකාවේ ද බහුලතම පිළිකාව වන්නේ එයයි. මෙය වැළඳෙන කාන්තාවන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 50 හෝ ඊට ආසන්න වයසේ පසුවන අය වෙති. මෙරට වසරකට 3000 ත් 3500 ත් අතර පිරිසක් අලුතින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හදුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. දිනකට අලුතින් කාන්තාවක් 10 කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගොන්නට එක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති වැඩසටහනකදී අනාවරණ විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *