සුව ඇමති අත්‍යාවශ්‍ය ඖෂධ 25 ක මිල අඩු කරයි

Share Button

තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ යටතේ සහ මිල අධික පිළිකා ඖෂධ වර්ගවන ජිවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සදහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සඳහා ගන්නා ඖෂධ  10 ක මිල මෙලෙස අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ජනතාවට සහන සැලසීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2016 වසරේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇතුලු රෝග රැසක් සදහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන ලදියි.  ඒ යටතේ විවිධ වෙළෙද නාමයන්ගෙන් යුත් ඖෂධ 272 ක මිල අඩුවිය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා  වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක මුදලක් වැය වෙයි.  ඉහළ මිලකින් යුක්ත වීම හේතුවෙන් බොහෝ රෝගීන් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ මිලදී නොගන්නා බව හෙළිවිය. මිල පහත හෙළීමත් සමඟ බොහෝ රෝගීන් තමන්ට නියම කළ ප්‍රතිකාර සඳහා ගුනාත්මක  ඖෂධ මිලදී ගත් අතර,  සියයට 600 ක ප්‍රතිශතයක් දක්වා අලෙවිය වැඩිවීමක්ද දක්නට ලැබිණ. ඖෂධ මිල අඩු කිරීමෙන්  රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇස්තමේන්තු කර ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *