කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සදහා ජනපතිගෙන් උපදෙස්

Share Button

හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් මගින් වෛරසය ව්‍යාප්ත විම වැලැක්විමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාල අංශ වලට උපදෙස් දෙයි. ආසාදිතයන් හදුනාගැනිමේ පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවන ලෙස ද එතුමා උපදෙස් දී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්   කොරෝනා ආසාදිතයන් හදුනාගැනිමත් සමග වෛරසය ව්‍යාප්ත විම වැලැක්විමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා මේ කරුණු සදහන් කළේය. ආසාදිතයන් ළගින් ඇසුරු කළ පිරිස් මේ වනවිට හදුනාගෙන අවසන්ය. ඔව්හු නිවෙස්වල ස්වයං නිරෝධනයට යොමු කර සිටිති. එම පිරිස ආසන්නතම හෝටල්වල නිරෝධනයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා මර්දනයට දි තිබූ උපදෙස් කාලයත් සමග ජනතාවගෙන් ගිලිහි යාම වෛරසය යලි මතුවීමට හේතු වූ බව වෛද්‍යවරු එහිදි පෙන්වා දුන්හ. කොරෝනා වෛරසය ලෝකයේ සෙසු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවති. ඒ පිළිබඳව නිරතුරු වාර්තා ලැබුණද ජනතාව දැනුවත් කිරිමට ගෙනගිය ප්‍රචාරණ වැඩපිළිවෙල මාධ්‍යයට මගහැරුණු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොරෝනා වෛරසය පිළීබඳව ජනතාවට අමතක වු බව එතුමා පැවසිය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවල ද අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සිදුකිරිමට උපදෙස් දී තිබේ. විශේෂයෙන් කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල වරින් වර අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සිදුකරන ලෙසද දැනුම් දී තිබිණි. එහෙත් කර්මාන්ත ශාලාවල එය නිසි ලෙස සිදු වි නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පවතින තත්ත්වය අවබෝධ කරගෙන වෛරසය මර්දනයට සහාය වීම සදහා මාධ්‍යයට හා ජනතාවට විශාල වගකීමක් පැවරී තිබේ.
මාස දෙකකට පසුව සමාජයෙන් ආසාදිතයෙකු හදුනාගැනිම පිළීබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව ජනාධීපතිතුමා පැවසිය. පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එදා ඉටු කළ සුවිශේෂි කාර්ය භාරය සිහිපත් කළ එතුමා එම වැඩපිලිවෙල ප්‍රාදේශිය මට්ටමින් යලි ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර විම වැලැක්විමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා හා ආයතන ද අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂා කිරිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
කොරෝනා වෛරසය මර්දනයට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග  බොහෝ දේ ජනතාව පිළිනොපදින බව පොලිසිය එහිදි පෙන්වා දුන්නේය. පවතින නිති කොරෝනා මර්දනය ඉලක්ක කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරිමේ අවශ්‍යතාව එහිදි සාකච්ඡා කෙරිණී. ජනතාව දැනුවත් කිරිම මාධ්‍ය මගින් අඛන්ඩව සිදු විය යුතු බව ද ජනාධිපතිතුමා පැවසිය. ප්‍රතිශක්තිකරණය වර්ධනයට සහ වෛරසය ආසාදනය වූ පිරිස සුවපත් කිරිමට දේශිය ඖෂධවල ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡාවේදි අවධානය යොමුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *