ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වා ධාවනය සිදුකෙරේ
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී යු. එස්. පොල්වත්ත මහතා පවසයි. ඒ අනුව ගම්පහ. වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දාරලුව. බෙම්මුල්ල. මහලේගොඩ. හීන්දෙනිය සහ පට්ටියගොඩ යන උප දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරේ.