ගම්පහ පොලිස් බලප්‍රදේශයටද නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරි නීතිය

Share Button

දැන් සිට ගම්පහ පොලිස් බලප්‍රදේශයටද නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. ඒ අනුව එම ඇදිරි නීතිය බලපැවැත්වෙන්නේ ගම්පහ පෙිාලිස් බලප්‍රදේශයට අමතරව වේයන්ගොඩ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශවලට පමණි. එම වසම් හැරුනුවිට අනෙකුත් පොලිස් බලප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි. මිනුවන්ගොඩ බ්‍රුන්ඩික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා කුමණ ප්‍රදේශයක ජිවත්වුවද සිය නිවෙස්වලින් බැහැර නොයන ලෙස රජය දැනුම් දෙයි. මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ. ඒ සදහා සියලු දෙනා සුදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.

දිවුලපිටිය. මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන් තමා දැනට නවාතැන් ගෙන සිටින ස්ථානයේම රැදී සිටිය යුතු බව රජය දැනුම් දෙයි. එම ප්‍රදේශවල දැන් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. එම කර්මාන්ත ශාලාවල කළමනාකාරීත්වය සේවක සේවිකාවන් ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතුය.

දිවුලපිටියේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් ආසාදිත කාන්තාවක් හමුවීම නිසා වේයන්ගොඩ පොලිස් වසමේ 104 දෙනෙකු සිය නිවෙස්වලම ස්වයං නිරෝධයනයට ලක්කර ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතා පවසයි. ඔවුන් ආසාදිත කාන්තාවන් සේවය කළ කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති. වේයන්ගොඩ නගරයේ පොලිස් හා යුද හමුදා ආරක්ෂාව තරකර ඇත.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන්සේවා බස්රථ ධාවනයට හැකියාව පවතී. එහෙත් අදාළ පොලිස් බලප්‍රදේශවල එම බස් රථ නැවැත්වීම. තහනම් වෙයි. එම ප්‍රදේශවල මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *