සුවසැරිය තුළදී තවත් දරු උපතක්
මාතර, පිටබැද්දර ප්‍රදේශයේ මවක් 1990 සුවසැරිය ගිලන් රථක් තුළ බිළිඳෙකු බිහි කර තිබේ.
ඊයේ (31) අළුයම 3.20 පමණ පිටබැද්දර, ජම්බුගස්දොළ ප්‍රදේශයෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ලැබුණු ඇමතුමක් අනුව සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය කඩිනමින් එම ස්ථානයට ළඟාවී තිබේ.
ගැබිනි මව මොරවක දිසා රෝහල වෙත රැගෙන එන අතරතුරදී ඇයට ගිලන් රථය තුළදීම දරු ප්‍රසූතිය සිදුව තිබේ. මව සහ බිළිදා මොරවක රෝහළට ඇතුලත් කිරීමට ගිලන් රථයේ කාර්යමණ්ඩලය ක්‍රියාකළ අතර මේ වන විට දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.