රියාජ් බදුයුදීන්ට අදාල CID පරික්ෂණවල අඩුපාඩු නිතිපතිවරයා පෙන්වා දෙයි

Share Button

රියාජ් බදියුදීන්ට අදාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණවල අඩුපාඩු නිතිපතිවරයා පෙන්වා දෙයි . රියාජ් බදියුදීන් පිළිබඳ පරීක්ෂණ අතරමග නැවතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව නිතිපති දප්පුල ද ලිවේරා මහතා කියයි. නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඒ බව ඊයේ දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ එහි ලිපිගොනු ගෙන්වා විමර්ශනයට ලක් කිරිමෙන් පසු මේ බව දැනුම් දී ඇත. යලිත් වරක් මේ පිළිබඳ කරුණු විමසා තීරණයක් ගැනිමේ අවශ්‍යතාව නිතිපතිවරයා පෙන්වා දෙයි. 2020 වසරේ අප්‍රේල් මස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රියාජ් බදියුදින් එසේ අත්අඩංගුවට ගැනිමට හේතුව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්කරු වන ඉන්සාෆ් අහමඩ් විසින් ඔහුට දුරකථන ඇමතුම් 07 ක් ලබාගැනිම බව නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිණි රජයේ අධිනිතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *