ඊයේ දිනයේදි පී සි ආර් පරීක්ෂණ හත්දහසකට ආසන්න සංඛ්‍යාවක්

Share Button

කෑගල්ලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයින්ද ආසාදිතයින් බව හෙලිවී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාරි වික්‍රමසිංහ මහත්මිය පවසයි. කටුනායක ගුවන් තොටුපලේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ශ්‍රි ලංකා ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇත. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකි. ඔහු සමග සේවය කළ 50 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ වලට ලක් කර ඇත. කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇත. කටුනායක ආයෝජන කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලා තුනකින් ආසාදිතයෝ 28 දෙනෙක් වාර්තා වෙති. ආයෝජන කලාපය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ 04 වන වාට්ටුවට ඇතුළත් කර කතෝලික පූජකවරයෙකුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු එම රෝහලේ හෙද නිලධාරින් සිව්දෙනෙකු නිරෝධායනය සදහා පිළියන්දල නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පානදුර පදිංචි ආසාදිත සිසුවිය සමග පෞද්ගලික නවාතැනේ රැදි සිටි අනෙක් සිසුවියට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවියකගේ පියෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. අදාල ආශ්‍රිතයින් පි සී ආර් පරීක්ෂණ සදහා යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. කදාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින්ට 12 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ජා ඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ නිරත වු සේවකයෙකුගේ බිරිදකටද වෛරසය ආසාදනය වී ඇත. ඇය ගම්පහ උඩුගම්පළ පදිංචි කාන්තාවකි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇය සේවය කර ඇත. හුදෙකලා කළ මන්නාරම පට්ටිතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දැන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.මේ අතර ඊයේ දිනයේදි පී සි ආර් පරීක්ෂණ හත්දහසකට ආසන්න සංඛ්‍යාවක් රටපුරා සිදු කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *