කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක් නව නීති හදුන්වා දෙයි

Share Button

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක් නව නීති හදුන්වා දෙයි. ඉකුත් සෙනසුරාදා ප්‍රංශයෙන් අලුතින් ආසාදිතයන් 27 දහසක් වාර්තා වී ඇත. එරට අගමැති ජීන් කාස් ටෙක්ස් මහතා එරට මාධ්‍ය හමුවේ ඊයේ ප්‍රකාශ කළේ ප්‍රංශය ඇතුඵ යුරෝපයේ රටවල් රැසක් දෙවැනි කොරෝනා රැල්ලකට මුහුණ දෙමින් සිටින බවයි. එබැවින් ජනතාව ආරක්ෂාකාරි පියවර අනුගමනය කළ යුතුව ඇතැයි හෙතෙම සදහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් ව්‍යාපෘතිය ඉහල ගියහොත් නගර වසා දැමීමට පියවර ගන්නා බවයි. බ්‍රිතාන්‍යයේ ද දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී. මේ මස මුල සිට එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවා යමින් තිබේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා නිවේදනය කළේ කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති ලිවර්ෆූල් ප්‍රදේශයේ ආපන ශාලා සහ මත්පැන් ශාලා අද සිට වසා දැමීමට ක්‍රියා කරන බවයි. යුරෝපයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. දැනටමත් එරට මැඩ්රිඩ් ඇතුඵ ප්‍රධාන නගර රැසක් වසා දමා ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ඊයේ නිකුත් කළ දත්ත වාර්තාවට අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට තුන්කෝටි 76 ලක්ෂ 40 දහස ඉක්මවා තිබේ. ගෝලීය මරණ සංඛ්‍යාව ද දස ලක්ෂ 78 දහස ඉක්මවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *