යුරෝපයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම හේතුවෙන් තවත් රටවල් කිහිපයක්ම නීති දැඩි

Share Button

යුරෝපයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම හේතුවෙන් තවත් රටවල් කිහිපයක්ම නීති දැඩි කරයි. චෙක් සමුහාණ්ඩුව සති තුනකට රට අගුඵ දැමිම සිදු කළේය. එමෙන්ම ප්‍රථම වතාවට නෙදර්ලන්තය ද අගුඵ දැමිමක් සිදුකර ඇති අතර මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ප්‍රංශයේ පැරීසියේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සියයට 90 කින් පිරී ගොස් ඇත. මේ නිසා එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රන් මහතා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. පස්වරුවේදී පැරිස් නගරයට ඇදිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇත. තම රටේ තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් සිටින බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *