ජාත්‍යන්තර සුදු සැරයටි දිනය

Share Button

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි. 1964 වසරේ ඔක්තෝබර් 06 වැනිදා අමෙරිකානු කොංග්‍රසය සුදු සැරයටි දිනය සම්මත කළේය. සෑම වසරකම ඔක්තෝබර් 15 වැනිදා එම දිනය සැමරීමට හිටපු අමෙරිකානු ජනාධිපති ලින්ඩන් ජොන්සන් මහතා යෝජනා කළ අතර ජාත්‍යන්තර අන්ධ සම්මේලනයේ සභාපතිවරයා 1970 වසරේදී එම දිනය ප්‍රකාශයට පත් කළේය. එම වසරේ සිට ශ්‍රී ලංකාවද සුදු සැරයටි දිනය සමරයි. මේ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ අපගේ සහෘද ප්‍රජාවක් වන මෙම පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් ඔවුන්ගේ දුෂ්කරතා මගහැරීමට කටයුතු කළයුතු බවයි. රටක් වශයෙන් ඔවුන් වෙනුවෙන් වගකීම ඉටුකළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *