පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස ඉහළ දැමිීමට අවධානය

Share Button

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමිීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමුවෙයි. ලෝකයේ අනෙකුත් රටවල පවතින විශ්‍රාම ගැන්විමේ වයස පිළිබදව සලකා බලා සේවා ප්‍රවීණයන්ගේ සේවය තවදුරටත් රටට ලබාගැනිම එහි අරමුණයි. එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනය සිඝ්‍රයෙන් ඉහළ යමින් පැවතිීම හා තරුණ ජනගහනය පහළ යමින් පැවතිීම හේතුවෙන් අනාගත ශ්‍රම බලකායේ ඇතිවිය හැකි අතිරික්තයට විසදුම් සැපයිීම ද මෙහි අපේක්ෂාවකි.

කම්කරු දෙපාර්තමේන්තුවේ දීි රැස්වු කම්කරු උපදේශක සභාවෙන් ඉදිරිපත් වු මෙම යෝජනාවට සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තිීය සමිතිවල පුර්ණ එකගත්වය පලවීිම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රණාමය පලකලේය. මෙම තීරණය ඉතා ඵලදායි බව එහිදි අදහස් දැක්වු සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විරසිංහ මහතා පැවසිය. නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසුවේ වයස අවුරුදු 55 න් පසු විශ්‍රාම යන පරිනත සේවකයින්ට තවදුරටත් රටට සේවය කිරිීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවයි. මේ පිළිබද අවසන් තීරණය මිලග කම්කරු උපදේශක සභා රැස්විීමේදීි ප්‍රකාශයට පත්කරන බවත් ඉන්පසු ඊට අදාළ නෛතික ප්‍රතිපාදන සකස් කිරිීමට පියවර ගන්නා බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටතේ සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *