විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවලදී පී සී ආර් පරීක්ෂණ කිරීම අද සිට

Share Button

විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල පී සිී ආර් පරීක්ෂණ කිරීම අද සිට ඇරඹේ. සෞඛ්‍ය අමාත්‍යංශය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කළ ඉල්ලිමකට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ ලිඛිතව එම ඉල්ලීම කර ඇති අතර ඒ පිළිබඳව ඊයේම සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අප කළ විමසුමක දී පැවසීය. එම ඉල්ලීමට සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව ශ්‍රීී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පි සි ආර් පරීක්ෂණ කිරීම අද ආරම්භ කෙරිණ. හෙට සිට සෙසු විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල ද පි සි ආර් පරීක්ෂණ සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *