කිලෝවක් රුපියල් 130 බැගින් සතොස ගොවින්ගෙන් ලොකු ළුණු මිලදි ගැනිම හෙට සිට

Share Button

ක්‍රිලෝවක් රුපියල් 130 බැගින් සතොස මගින් ගොවින්ගෙන් ලොකු ළුණු මිලදි ගැනිම හෙට සිට ආරම්භ කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් සතොස සභාපතිවරයාට දැනටමත් දි ඇතැයි සිය අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු සදහන් කලේය. ඉතිහාසයේ කිසිදිනක සිදු නොවු ආකාරයට රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක බදු පහත දැමිය. ඒ අනුව පරිප්පු, සිනි, සැමන් සහ ලොකු ළුණුවල ආනයන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකර තිබේ. එම බදු පහත වැටිමේ වාසිය පාරිභෝගිකයාට සැපයීමට දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් 421 ක් දැන් සුදානමින් සිටින බව වෙළෙද ඇමතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *