නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Share Button

නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරිමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත නිති කඩකරන පුද්ගලයන්ට රුපියල් දසදහසකට නොවැඩි දඩයකුත් මාස 6 ක සිරදඩුවමකුත් යන දඩුවම් දෙකම හෝ එක් දඩුවමක් ලබාදිමට අධිකරණයට හැකියාව ලැබේ. මිට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුලුවිම හා පවත්වාගෙන යාම පිලිබදව මෙම ගැසට් පත්‍රයෙන් පෙන්වාදි තිබේ. සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුලුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදිම මුව ආවරණයක් පැලද සිටිය යුතුය. දෙදෙනෙකු අතර මිටරයක නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යායුතු අතර සේවා ස්ථානයට ඇතුලුවිමට පෙර සෑම නැතැතෙකුගේම ශරිරි උෂ්ණත්වය මැන බැලීම අවශ්‍ය වෙයි.විෂබිජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත සේදිමේ පහසුකම් සැලැස්විය යුතුය. ව්‍යාපාරික හා සේවා ස්ථානයට ඇතුලු වන සෑම තැනැත්තෙකුගේම නම. හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු පිලිබද විස්තර ඇතුලත් ලේඛනයක් පවත්වාගෙන යාම ද අවශ්‍යවෙයි. සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව හා වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්වන සංඛ්‍යාවක් තබා නොගැනිම ඒ අතරවෙයි. එමෙන්ම සංචරණ සීමා නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරිමට ද මෙමගින් පියවර ගෙන තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *