පසුගිය රජය සමයේ පිහිටවු දුෂණ විරෝධි කමිටු කාර්යාලය නිීත්‍යාණුකුල ආයතනයක් නොවන බවට අගමැති කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

දුෂණ විරෝධි කමිටු කාර්යාලය හා මුල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාසය පිහිටුවිමේදි පසුගිය රජය නීත්‍යාණුකුලව ක්‍රියාකල බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන පළිගැනිම් පිලිබද විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ඔහු ඒ බව සදහන් කලේය. ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරි පියදාස කුඩාබාලගේ මහතා කොමිසමට කල පැමිණි්ල්ලකට අනුව සාක්ෂි දිමට හිටපු අගමැතිවරයා එහි කැදවා තිබිණි.
කොමිසම හමුවේ සාක්ෂි දුන් අගමැති කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරි ඩබ්ලිව් සරත් කුමාර මහතා පැවසුවේ. දුෂණ විරෝධි කමිටු කාර්යාලය කිසිදු විශේෂ පනතකින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව අගමැති කාර්යාලයට අනුයුක්තව පිහිටුවන ලද ආයතනයක් නොවන බවයි. 2015 සිට තමා එම තනතුරේ සේවය කරන බවද ඔහු පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති අගමැති කාර්යාලය යටතට නොගැණෙන මෙම ආයතනය නීත්‍යාණුකුල නොවන බව පිලිගන්නේදැයි කොමිසමේ සභාපතිවරයා නැගු ප්‍රශ්ණයකදි ඔහු පැවසුවේ තමා එය පිලිගන්නා බවයි. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ වත්මන් සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අනුව සාක්ෂි දීමට සරත් කුමාර මහතා කොමිසමට කැදවා තිබිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *