සතොස මිලටම අත්‍යවශ්‍ය භාණ්ඩ පෞද්ගලික වෙළෙඳසල් වලින් ද මිලදි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්ථාව

Share Button

ඉදිරි සතිය වනවිට පුද්ගලික වෙළෙඳසල් වල ද අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සතොස මිල ගණන් දක්වා අඩු වනු ඇතැයි ලංකා සතොස ආයතනයේ සභාපති නුශාඩ් පෙරේරා මහතා පවසයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයන බද්ද ඉවත් කිරිම හේතුවෙන් පසු 14 වැනිදා සිට ලොකුඵෑණු කිලෝවක් රුපියල් 100 කට. ටින් මාඵ එකක් රුපියල් 200 කට හා සිනි කිලෝවක් රුපියල් 85 කට මිලදි ගත හැකි බව ඒ මහතා සදහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. රජයේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම සදහන් කරයි. ඒ යටතේ ආහාර සංචිතයක් තබාගැනිම සිදුවන බව නුශාඩ් පෙරේරා මහතා පෙන්වා දෙයි.
සංවාදයට එක් වු ලංකා සතොස ආයතනයේ මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා මහතා පැවසුවේ ගොවින්ගෙන් ඵලදාව ලබාගෙන ඒවා රටපුරා බෙදා හැරිමට සතොස ආයතනයේ ප්‍රධාන කාර්යභාරය බවයි. වගා නොකර ඇති ඉඩම්වල වගා කිරිමට ජනතාව යොමු කිරිම සහ නව විද්‍යානුකුල ක්‍රමවේද හදුන්වාදිම මගින් රටේ නව කෘෂිකාර්මික ක්‍රමවේදයක් ඇතිවනු ඇතැයි ඔහු සදහන් කළේය.
මේ අතර ලංකා සතොස ආයතනයේ නව ගබඩා සංකිර්ණයක් ගාල්ල බූස්සේ දි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් අද විවෘත කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *