රියාජ් බදියුදින් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලිම 20 වැනිදා

Share Button

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනිම වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රියාජ් බදියුදින් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලිමට ලබන 20 වැනිදා කැදවන්නැයි අභියාචනාධිකරණය නියම කරයි. එම පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවනු ලැබු අවස්ථාවේ මෙම නියෝගය කළහ .අදාල වගඋත්තරකරුවන්ට නොතිසි යැවිමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියම කළහ. තමා අත්අඩංගුවට ගැනිම වැලැක්විමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් ඉල්ලා රියාජ් බදියුදින් මහතා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙ. මේ අතර රියාජ් බදියුදින් මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ද ගොනු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *